පමුණුගම කැළඹූ සොරකම් සිද්ධිය


මුණුගම ප්‍රදේශයේ නිවසකින් රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා. සීසීටීවී  කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ අසලින් ගමන් ගත් යතුරුපැදියක් හඳුනාගෙන තිබූ අතර එහි ගමන් ගත් තරුණයින් දෙදෙනා මෙසේ ඊයේ(24) දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබුණා.

කෙසේවෙතත් මෙම තරුණයින් දෙදෙනා අදාළ සොරකමට සම්බන්ධ නැතැයි පවසමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් පමුණුගම පොලිස් ස්ථානයට පැමිණ තිබුණා. තරුණයින් දෙදෙනාට පොලීසිය විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් චෝදනා කල අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා. 

ප්‍රදේශවාසීන් පවසා සිටියේ එම තරුණයින් දෙදෙනා වහාම රෝහල්ගත කිරීමට පියවර ගත යුතු බවයි.

මෙම උණුසුම්කාරී අවස්ථාවේ දී පමුණුගම පොලිසියට ආසන්න දුන්ගල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තරුණයින් රෝහල වෙත ‍රැගෙන යාමට පොරොන්දු වූ පසු ප්‍රදේශවාසීන් විසිර ගොස් තිබුණා. මේ වන විට තරුණයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙසේ සැකපිට අත් අඩංගුවට පත්ව ඇත්තේ පමුණුගම ප්‍රදේශයේ පදිංචි 20 සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu