Ad Code - Mobile

Richmo Sms
Gossip Lanka Advertisement

"E-8 ක්‍රමය යටතේ කොරියාවට යන්න මුදල් දෙන්න එපා"


ශ්‍රී
ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා E-8 ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ ‍රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම අත්සන් කර තිබුණා.

හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි සභාපතිවරයා පවසන්නේ. 

ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර ලබා දී නොමැති බවත් කිසියම් පුද්ගලයෙක් මෙම ‍රැකියාවලට මුදල් අය කරන්නේ නම් එය නීති විරෝධී බවත් සභාපතිවරයා පවසා තිබෙනවා. 

ඒ අනුව, සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යෑමට කිසිවෙකුට හෝ මුදල් ලබා නොදෙන ලෙසයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu