හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු මෙලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අතරතුරයි.
අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.