හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට


කො
ළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

හිටපු අමාත්‍යවරයා මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවක විත්තිකරුවෙකු ලෙස පෙනී නොසිටි නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවක දීයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu