පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කර අද (21) සිට පාස්පෝට් බෙදා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා. ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබී ඇති බවයි මෙලෙස අද සිට ඒවා බෙදා හැරීමට ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.
මෙලෙස ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය 750,000ක් බවත් එම ප්‍රමාණය ඉදිරියේ දී අවසන් වීමත් සමඟ නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඒ හේතුවෙන් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් සඳහන් කර තිබෙනවා.