ඉරානය සහ ඉරාකය ගුවන් කලාප වසාදමයි, ඉරානයේ හමුදා ඉලක්ක වෙත පහර දී අවසන්


රානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ දීයි. 

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් පහර දෙනු ලැබුවේ ඊශ්‍රායල ප්‍රහාරක ගුවන්යානා 100ක් පමණ යොදාගනිමින්. ඉරානය විසින් කාලයක් තිස්සේ ඊශ්‍රායලය වෙත දියත් කල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ. 

කෙසේ වෙතත් මේ වනවිට ඊශ්‍රායලයද සිය ගුවන් කලාප වසා දමා තිබෙනවා. මේ අතර ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත්තේ ඉරානයේ හමුදා ඉලක්ක වෙත සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්‍රහාර එල්ල කර අවසන් බවයි. 

ඊශ්‍රායල ප්‍රහාරවලින් 2023 ඔක්තෝබර් 7 වැනිදා සිට අවම වශයෙන් පුද්ගලයන් 42,847ක් මිය ගොස් 100,544ක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. එසේම හමාස් සංවිධානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,139ක් මිය ගොස් 200කට අධික පිරිසක් වහල්භාවයට ගෙන ඇති බව වාර්තාවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu