Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති නිවසට එල්ලවූ ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ඇවිස්සෙයි


ශ්‍රායලය විසින් ලෙබනනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. 

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන කඳවුර පිහිටි ලෙබනනයේ බේරුට් අගනුවරට ද ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර ‍රැසක් එල්ල කර ඇති අතර හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩා මධ්‍යස්ථාන සහ ඔත්තුසේවා මූලස්ථානයේ අණදෙන මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.  

එසේම ඊශ්‍රායල විසින් උතුරු ගාසා තීරයට එල්ල කර ප්‍රහාර හේතුවෙන් බෙයිට් ලාහියා නගරයේ පුද්ගලයන් 73 මියගොස් තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රදේශය තුළ සන්නිවේදන සහ අන්තර්ජාල සේවා ඇනහිටීම හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්ද අඩාල වී ඇති බවටයි වාර්තා වන්නේ. 

ලෙබනනය විසින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එවන් පසුබිමකයි ඊශ්‍රායලය විසින් මෙලෙස දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ. 

මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා සිටින්නේ ලෙබනනයේ අගනුවර වන බේරුට් සහ ඒ අවට ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් සිදුකරන ප්‍රහාර අවම කළ යුතු බවයි. ඊශ්‍රායලය විසින් සිදුකරන ප්‍රහාර හමුවේ සිවිල් ජීවිත බොහෝ ගණනක් විනාශවන බවත් මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවත් ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා. 

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ තදාසන්න ප්‍රදේශවලින් සිවිල් වැසියන් දහස් ගණනක් පලා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu