නෙළුම් කුළුණෙන් පැන සියදිවි නසාගත් පාසැල් සිසුවියගේ දෙමාපියන් විසින් තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අදහස් දක්වා තිබුණා.
මත්ද්‍රව්‍ය භාවිතය, දෙමාපිය පීඩනය, නොයෙක් හිරිහැරවලට ලක්වීම, වීඩියෝ ක්‍රීඩාවල නිරතවීම වැනි චෝදනා මත සිය දියණියගේ මරණය නිගමනය කිරීම ඉතාමත් අසාධාරණ, අසත්‍ය හා නින්දා සහගත බවයි ඔවුන් එහිදී සඳහන් කර තිබුණේ.
මින් පෙර අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් තම දියණිය ඉතා කම්පාවෙන් පසු වූ බවත් ඇයගේ මානසික සෞඛ්‍ය සඳහා වෛද්‍ය සහාය ලබා ගෙන නිසි මාර්ගයට රැගෙන එමින් සිටි බවත් එම ප්‍රකාශයේ සඳහන්.
ඇය සුව වෙමින් තිබූ පසුබිමක පාසැල් ගුරුවරුන් සහ දෙමාපියන් සිදු කරන අසත්‍ය කතා නිසා තම දියණිය මහත් පීඩාවට පත්ව සිටි බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් පැන දිවි නසාගත් දියණියගේ මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් තම දියණිය කලින් සිට දැන සිටි බවට ගුරුවරුන් සහ ඇතැම් දෙමව්පියන් ප්‍රචාරය කර තිබෙනවා. මේ නිසා ඇතැම් දෙමාපියන් පවසා ඇත්තේ තම දියණියට නඩු පවරා ඒ සම්බන්ධයෙන් කටයුතු කල යුතු බවටයි. එසේම පාසලේ අනෙක් දරුවන් තම දියණියගෙන් ඈත් කර තබන ලෙස අනෙක් දෙමාපියන් පවසා ඇති බවද සඳහන්.
මෙවැනි තත්ත්වයක් මත තම දියණියට වඩාත් පීඩාකාරි ලෙස කාලය ගත කිරීමට සිදු වූ බවත් වෙනත් පාසලකට මාරු කර යැවීමටද තමන් සිතූ බවත් ඇයගේ දෙමාපියන් පවසා තිබෙනවා. දියණියට එල්ල වී තිබූ පීඩනය ඇයට දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබූ බවයි ඇයගේ දෙමාපියන් වැඩි දුරටත් පවසා ඇත්තේ.