Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හලාවත-සිංහපුර ගින්නෙන් මියගිය තිදෙනාගේ කතාවේ ඇත්ත එළියට


කම පවුලේ මව, පියා සහ දියණිය නිවසේ ඇතිව තිබූ ගින්නකින් ජීවිතක්ෂයට පත් වූ බව හලාවත - සිංහපුර ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වුණා. සිද්ධිය පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේ දී එය ඝාතනයක් බව හෙළිව තිබෙනවා. 

මෙම සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි. මියගිය මවගේ සහ දියණියගේ ගෙලෙහි කැපුම් පහරවල් තිබී ඇති බවට මරණ පරීක්ෂණයේ දී සොයාගෙන තිබෙනවා. නමුත් පියාගේ එලෙස කැපුම් පහරවල් කිසිවක් සොයාගෙන නැහැ. 

සිද්ධියෙන් මිය ගිය පියා ඉඩම් කොටස් කර අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වන අතර කලක පටන් නොයෙක් පුද්ගලයින්ගෙන් ණය ලබා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඔහුගේ බිරිඳට අයත් හලාවත - කුරුණෑගල පාරේ කොක්කාවිල ප්‍රදේශයේ ඇති අක්කර 05ක ඉඩමක් කට්ටි කර අලෙවි කිරීමට ඔහු බිරිඳගෙන් කලක සිට ඉල්ලා ඇති නමුත් ඊට ඇය විරුද්ධවී ඇති බව පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඒ අනුව පියා විසින් මෙම මව සහ දියණිය ඝාතනය කර තමාද සිරුරට ගිනි තබාගෙන ඇති බවයි තොරතුරුවලින් අනාවරණය කරගෙන ඇත්තේ. 

මියගිය කාන්තාව පසුගිය 18 වන දින ඝාතනය කර ඇති අතර ඇයගේ ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල කර ඇති බවත් අධික ලේ වහනය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබෙනවා. එසේම දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල 02ක් තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී තිබෙනවා. මෙම දියණිය උපකාරක පන්තියකට ගොස් සිය මිතුරියෙකගේ නිවසේ සිටියදී ඇගේ පියා පැමිණ පසුගිය 19 වනදා පස්වරුවේ නිවසට රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. එදින රාත්‍රියේදී ඇය ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලිසීය සැක පලකර සිටිනවා. මවට අසනීප යැයි පවසා දියණිය මිතුරියගේ නිවසේ රඳවා තැබීමට කටයුතු කර ඇත්තේ ද පියා විසින් බවයි පැවසෙන්නේ.

මියගිය පියාගේ ශරීරයේ ඉහළ ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු වී තිබූ බව ද තහවුරු කරගෙන ඇති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඔහු බීමතින් සිටි බවටයි පොලීසිය සැක පලකරන්නේ. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu