Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනාධිපති යාපනය උසාවියේ හැර වෙනත් ඕනෑම උසාවියක පෙනී සිටීමට සූදානම්


2
011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි  විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් පෙත්සමක් ගොනු කර තිබුණා. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබුණේ එම නඩු විභාගයේ සාක්ෂිකරුවෙකු ලෙසයි. 

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ  ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ  වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව  සාක්ෂි ලබාදීමට සූදානම් බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu