කඩෙන් ගෙනා බිරියානිය විස වී දැරියක් මරුට


යස අවුරුදු 15ක පාසල් සිසුවියක් ආපනශාලාවකින් ගෙනා කුකුළු මස් සහිත බිරියානි ආහාරයට ගැනීමෙන් පසු එම ආහාරය ආසාත්මික වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරිඋල්ල, මැද්දෙපොළ, හේන්යාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක්. 

ගිරිඋල්ල නගරයේ පිහිටි ආපන ශාලාවකින් පසුගිය 23 වැනිදා රාත්‍රී ආහාරයට ගැනීම සඳහා කුකුළු මස් සහිත බිරියානි ගෙනවිත් තිබෙන්නේ ඇයගේ සහෝදරයා විසින්. එය ආහාරයට ගැනීමෙන් අනතුරුව ඇයගේ  ශරීරය කැසීමට ලක්ව පලුදමා ඇති අතර ඇයව දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මියගිය සිසුවියගේ මව සහ සහෝදරයා ද එම බිරියානි ආහාරයට ගෙන ඇති නමුත් ඔවුන්ට කිසිදු රෝගී තත්ත්වයක් මතු වී නොමැති බව සඳහන්. 

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීම සඳහා මියගිය සිසුවියගේ සිරුරේ කොටස් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu