අද (31) මධ්‍යම රාත්‍රියේ සිට වෙනස්වන ඉන්ධන මිල


ද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා. ඒ මාසිකව සිදුවම මිල සංශෝධනය අනුවයි. 

ඒ අනුව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 313ක්. 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 6කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 371ක්. ඔක්ටේන් 

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 311ක් ලෙස පැවති අතර එහි මිල සංශෝධනයක් සිදුව නොමැත. 

රුපියල් 283ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිලෙහි ද, රුපියල් 183ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද වෙනසක් සිදුව නැහැ. 

සිනොපෙක් සමාගමත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් ද (නව මිල රුපියල් 371) සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 06කින් ද (නව මිල රුපියල් 313) පහළ දමා තිබෙනවා. 

එසේම ඔටෝ ඩීසල් ලීටරය මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 283ක් වනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිලෙහි වෙනසක් සිදුව නැහැ. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu