පෑලියගොඩ මැනිං වෙලඳපොළේ පළතුරු මිල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේ අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, මත්ස්‍ය තොග මිල
- තලපත් කිලෝවක් රුපියල් 1500
- කෙළවල්ලා කිලෝවක් රුපියල් 1300
- පරව් කිලෝවක් රුපියල් 1200
- කොප්පරා කිලෝවක් රුපියල් 2000
- ඉස්සො කිලෝවක් රුපියල් 1500
- දැල්ලෝ කිලෝවක් රුපියල් 1000
- බලයා කිලෝවක් රුපියල් 400
- සාලයා කිලෝවක් රුපියල් 300
- ලින්නා කිලෝවක් රුපියල් 400
- කුම්බලාවා කිලෝවක් රුපියල් 900
- තෝරා කිලෝවක් රුපියල් 2500
- ගල්මාලු කිලෝවක් රුපියල් 1500
- අමු හාල්මැස්සො කිලෝවක් රුපියල් 300 වශයෙන් සටහන් වී තිබුණා.
පලතුරු තොග මිල
- සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 100-120
- කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200
- ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 60
- ඇම්බුන් කිලෝවක් රුපියල් 220
- පුවාලු කිලෝවක් රුපියල් 100
- ආනමාලු කිලෝවක් රුපියල් 100
- කොමඩු කිලෝවක් රුපියල් 100
- අන්නාසි කිලෝවක් රුපියල් 450
- අල්පොන්සු අඹ කිලෝවක් රුපියල් 1200
- අලිගැටපේර කිලෝවක් රුපියල් 1000
- ගස්ලබු කිලෝවක් රුපියල් 120
- දිවුල් කිලෝවක් රුපියල් 100 වශයෙන් සටහන්ව තිබුණා.