මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ සිට කංකසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම හෙට දින සිට (28) ආරම්භ කරන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පහත පරිදි දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය නැවත ආරම්භ කිරීමත් සමඟ පහත සඳහන් ලෙස දුම්රියවල වේලාවන් සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
2024 ඔක්තෝබර් 28 වන දින සිට දිනපතා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින් දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතා කලයුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කර සිටිනවා.