ව්‍යාජ දුරකතන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව පොලීසිය මහජනතාව දැනුවත් කර තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට මෙලෙස ව්‍යාජ දුරකතන ඇමතුම් ලබා දී ඇති බව හෙළිවී තිබෙනවා. එම ඩිපෝවලට ඇමතුම් ලබා දී ජාවාරම් කරුවන් පවසා ඇත්තේ ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවත් වාහන අලුත්වැඩියාව සඳහා රුපියල් 10,000ක් වැනි හදිසි මුදලක් ඊෂිකෑෂ් ක්‍රමයට එවන ලෙසත් ය.
ඔවුන් පෙනී සිටින්නේ ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස ඇමතුම් ලැබෙන දුරකතන අංක පරීක්ෂා කිරීමේ දී බොහෝ අවස්ථාවල එම අංක මියගිය පුද්ගලයින්ගේ හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම්කාඩ් පත් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙවැනි දුරකතන ඇමතුමක් යම් පුද්ගලයෙකුට පැමිණියහොත් කෙසේ හෝ ආපදාවට ලක් වූ පුද්ගලයාව දුරකතනයෙන් සම්බන්ධකරගෙන සත්‍ය අසත්‍යතාව හෙළිකරගන්නා ලෙසයි පොලිසීය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.