විදුලි බිල අඩු කිරීමට අවධානය


නාධිපති අනුර කුමාර දිසානායක සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ(29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. 

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියුතු ප්‍රමාණයකින් අඩු කිරීමට රජය අපේක්ෂා කරන බවයි. 

කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.  ඒ අනුව, අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu