ඇසිඩ් ගසා පැහැරගෙන ගිය පුතා බේරාගැනීමට ගිය පියා මරුට


හැළියගොඩ - අම්බලන්පිටිය ප්‍රදේශයේ දී නාදුනන පිරිසක් විසින් 23 හැවිරිදි තරුණයෙකුට ඇසිඩ් ගසා පැහැරගෙන යාමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම තරුණයාගේ පියා. ඔහු 65 හැවිරිදි පුද්ගලයෙක්. 

නාදුනන පිරිසක් විසින් මියගිය පුද්ගලයාගේ පුතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඔහු ජීප් රියකින් පැහැරගෙන යාමට උත්සාහ කල අවස්ථාවේ දී ඔහු ජීප් රථයේ එක් දොරක එල්ලී පුත්‍රයා රැගෙන යාම වැලැක්වීමට උත්සහ කර තිබෙනවා. එවිට ඔහු ජීප් රියෙන් ඇද වැටී එම රථයටම යට වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර පොලිසිය සැක කරන්නේ අදාළ පිරිස විසින් පියාව හිතාමතාම වාහනයට යටකර ඇති බවයි.

පහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය අදාළ විමර්ශන සිදුකරනු ලබනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu