බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී අද (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් බිත්තර විකිණීමට හැකි තොග මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
රතු බිත්තර තොග විකුණුම් මිල රුපියල් 36ක් ලෙසත් සුදු බිත්තර තොග මිල රුපියල් 35ක් ලෙසත් එහිදී ප්‍රකාශයට පත් කෙරුණා.
එසේම බිත්තරයක සිල්ලර මිල රුපියල් 41ට අඩු මුදලකට පවත්වාගැනීමට හැකිවන පරිදි වෙළඳපොළට නිකුත් කිරීමට එම නිෂ්පාදකයින් එකඟත්වය පල කර තිබෙනවා.
බිත්තර වෙළඳ සංගමය අවධාරණය කර සිටින්නේ අදාළ මිල ගණන් සම්බන්ධයෙන් තමන් පූර්ණ නෛතික වගකීමක් දරණ බවයි.