පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කර ඇත්තේ වෙළදපොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් සිදු කරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
බිත්තරයක මිල පසුගිය දිනවල දී රුපියල් 28ත් 32ත් අතර පැවතුණු නමුත් මේ වන විට එය රුපියල් 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම පොල් ගෙඩියක මිලද රුපියල් 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ ඉහළ ගොස් ඇති පොල් මිල ලබන වසරේ පෙබරවාරි මස දක්වාම පවතිනු ඇති බවයි පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ. නමුත් ඉදිරි දින කිහිපයේදී නගර ආශ්‍රිතව අඩු මිලට පොල් අලෙවි කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි පොල් සංවර්ධන මණ්ඩලය වැඩි දුරටත් පවසා ඇත්තේ.
මේ අතර අද දිනයේ සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ පාර්ශවයන් මුණගැසීමට නියමිතයි.