ඩයනාගේ නඩුව කල්යයි


සත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන  පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු හතක් ගොනුකර තිබුණා. 

මෙම නඩු විභාගය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවා තිබුණු අතර එය කල්දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට අද දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසිද නිකුත් කර තිබූ නමුත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන පෙබරවාරි මස 06 වන දා දක්වා කල් තබනු ලැබුවා. 


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu