Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විෂ්ණු දෙවියන්ගේ ජය සමරන "දීපවාලි" දිනය අදයි


දී
පවාලි හෝ දීවාලි උත්සවය "ආලෝක උත්සවය" ලෙස හඳුන්වන අතර එය ඉන්දියාවේ, දකුණු ආසියාවේ සහ හින්දු ඩයස්පෝරාව පුරා බහුලව සමරනු ලබන හින්දු නිවාඩු දිනයකි. දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් ලෙසයි සැලකෙන්නේ.

හින්දු භක්තිකයින් දීපවාලි දිනය අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙස සලකනු ලබනවා. ඔවුන් දීපවාලී දිනය සමරන්නේ අඳුර දුරලා සියලු සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන ප්‍රාර්ථනාවෙන්.

දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක් ලෙස හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. දින පහක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට පාදක වූ පුරාවෘත ගණනනාවක් පැවතෙනවා. 

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කළ පසු තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි නරගාසුරන් නමැති අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඩීපවාලි දිනය හින්දු බැතිමතුන් සමරන්නේ විෂ්ණු දෙවියන් නරගාසුරන් අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්. 

පහන්වල ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත  වෙමින් දීපවාලි දිනය සමරනු ලබනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu