වෛද්‍යවරයාගේ ප්‍රමාදය යැයි උරණ වූ හතක් අත් අඩංගුවට


තුරු පැදියකින් යමින් සිටියදී අනතුරට පත් 21 හැවිරිදි තරුණයෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන පැමිණි අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් අතරතුර වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා. 

අනතුරට පත් තරුණයා රෝහලට ගෙන ආ පසු කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි පවසමින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයාට මෙලෙස පුද්ගලයින් හත් දෙනෙකු විසින් පහර දී ඇති බවයි පැවසෙන්නේ. පහරදුන් අය අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටිනවා. 

මෙලෙස බාහිර රෝගී අංශයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හත් දෙනා රෝහල් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu