ලබන වසරේ අප්‍රේල් දක්වා රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
මෙසේ පොල් නිෂ්පාදනය අඩු වීමට හේතුව නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කරනවා.
අපනයනය සඳහා අවශ්‍ය පොල්මඳ ගෙන්වීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ සඳහා මෙතෙක් අවසර ලැබී නොමැති බව ද අධ්‍යක්ෂකවරිය සඳහන් කර තිබෙනවා.