පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් පවත්වාගෙන යනු ලබනවා. දැනට උද්ගත වී ඇති පොල් හිඟය නිසා ජනතාවට සහන සැලසීමටයි එම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ.
ඒ අනුව සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම සේවාවා අද පෙරවරු 9 සිට නාරාහේන්පිට කම්කරු කාර්යල පරිශ්‍රයේදී ක්‍රියාත්මකවන බවයි සඳහන් වන්නේ. එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120ක් මුදලකට ලබාගැනීමට හැකියාව ලැබෙනවා.
එක් පුද්ගලයෙකුට පොල් ගෙඩි 5 බැඟින් අලෙවි කරන බවයි පැවසෙන්නේ. එසේම ගැබිණි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයින්ට පොගෙඩි 10 බැඟින් අලෙවි කරනු ලබන බවයි වර්තා වන්නේ.
හෙට (29) දිනයේ දී මෙම ජංගම සේවාව දෙහිවල නගරයේ ක්‍රියාත්මක වන බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ.