විදුලිසැර වැදී වයස අවුරුදු 07ක් වූ පිරිමි දරුවෙක් මියගිය පුවතක් ඊයේ (27) දිනයේ දී විල්ගමුව, නාමීනිගම, පේරකනත්ත ප්රදේශයෙන් වාර්තා වුණා.
මෙම දරුවාගේ නිවස සහ ගෙවත්ත අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විදුලි වැටක් සකස් කර ඇති අතර, දිනපතා සවස 6 සිට උදෑසන 6 දක්වා එහි විදුලිය සපයා තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ දී උදෑසන එහි විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර දරුවා නිවස පිටුපස ඇති දිවුල් ගසේ දිවුල් ඇහිදීම සඳහා ගොස් සිටියදී ඔහුට විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.