ජංගම දුරකතනයක් බිම වැටීම හේතුවෙන් එය ගැනීමට ගිය තරුණියක් ලිස්සා වැටී ගල්පර දෙකක් අතර හිර වූ පුවතක් වාර්තා වනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්රදේශයේදීයි.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කල ආරක්ෂක නිලධාරීන්ට ඇය බේරා ගැනීමට හැකිව තිබෙනවා. එම නිලධාරීන් එහි පැමිණෙන විටත් ඇය පැයක පමණ කාලක් උඩු යටිකුරුව සිටින සේ ගල්පර අතර සිර වී සිටි බවයි වාර්තා වන්නේ.