ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට එම ප්‍රදේශයට යාමෙන් වළකින ලෙසයි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත්තේ. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා ඇති බවයි සඳහන් වන්නේ.
එසේම ඇමරිකානු පුරවැසියන්ගෙන්ද ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.