ප්‍රහාර දියත්කිරීමට සැලසුම් කර පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට


ශ්‍රී
ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා. 

ඒ අනුව සිදු කළ විමර්ශන වල දී මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කල පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයෙන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි සොයාගෙන ඇත්තේ. 

ඔවුන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව දියත් කරනු ලබන ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස බවයි වාර්තා වන්නේ. ඔවුන්ට සහාය දක්වන ජාලය හඳුනාගැනීමට මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu