පුද්ගලික ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ දත්ත සම්ප්‍රේෂණ කුළුණක වැදී පුපුරා යාමේ පුවතක් ඊයේ (20) දිනයේ දී වාර්තා වුණා.
අනතුරු සිදුවන අවස්ථාවේ දී ගුවන් යානයේ සිව් දෙනෙකු සිට ඇති අතර අනතුරින් එම සිව් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගුවන් යානය පුපුරා කඩා වැටීමෙන් පසු හටගත් ගින්න හූස්ටන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මැඬපවත්වා ඇති අතර වෙනත් කිසිවෙකුට අනතුර හේතුවෙන් හානි සිදු වී නොමැති බව වාර්තා වනවා.