අ.පො.ස සාමාන්‍ය පෙල 2023(2024) ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ද උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 2024 ඔක්තෝබර් 31 දින දක්වා සිසුන් බඳවා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.සෑම පාසලකටම පෙර වර්ෂවල දී ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් වෘත්තීය විෂය ධාරාව සඳහා යොමු කිරීමට සැලැස්මක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත උපදෙස් ලබා දී තිබෙනවා.