Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්


මෙ
වර අපො.ස.ස උසස්පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් 20 දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන වැරදි ප්‍රචාරයන්ට නො‍රැවටෙන ලෙසත් විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙසත් විභාග කොමසාරිස්වරයා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා. 

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශාල ලෙස වැරදි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව විභාග කොමසාරිස්වරයා මෙහි දී පෙන්වා දෙනු ලැබුවා. එම නිසා සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස කොමසාරිස්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

විවිධ ආයතන වෙත සිසුන් කිහිපදෙනෙකුගෙන් විභාග කල්දමන ලෙසට ඉල්ලීම් කර ඇති නමුත්  සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමුකර උසස් පෙළ විභාගයට දින නියම කර ඇති බැවින් එලෙස කල් දැමීමක් සිදු නොවන බවද කොමසාරිස්වරයා පවසා තිබෙනවා. රට මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීම අක්‍රමවත් ලෙස සිදු වුව ද 2025 අවසන් වී 2026 ආරම්භ වන විට  විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවයි කොමසාරිස්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu