Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයක්


ම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් කිහිපයක් පසුගිය දිනයන්හි දී වාර්තා වුණා. ඌරන් ආශ්‍රිතව ප්‍රජනන හා ශ්වසන රෝග මතු වී ඇති බව දක්නට ලැබුණා. 

ඒ සම්බන්ධයෙන්  සිදු කල පරීක්ෂණවලදී එසේ ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු කරගෙන තිබෙනවා. 

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ ක්ෂේත්‍රයෙන් ලබා ගත් සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම සූකර උණ රෝගී තත්ත්වය තහවුරු කරගත් බවටයි. 

දකුණු ආසියානු රටවල් කිහිපයකින් මෑතකදී මෙම සූකර උණ තත්ත්වය වාර්තා වූ අතර එම රෝගය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා. 

මෙම අධිව්‍යාධිජනක රෝගය සෙසු ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීමට අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන් වෙත බලය පවරා ඇති අතර ඌරු මස්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu