කැලණිය සරසවියේ සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහලින් ඇඳ වැටී ඊයේ (22) රාත්‍රියේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙම සිසුවා එම අවස්ථාවේ දී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඊයේ (22) රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇති අතර අනතුරුව සියලුදෙනා නේවාසිකාගාරයට පැමිණ තිබෙනවා. ඉන්පසු මෙම සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව සඳහන්.
අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.