පාර්ලිමේන්තුව සහ අවට ආරක්ෂක පියවර දැඩි කිරීම සඳහා ඊයේ රාත්රියේ පාර්ලිමේන්තු පිවිසුම් අසල GI බට යොදා ස්ථාවර වැටවල් සවි කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අද (04) විරෝධතාකරුවන් ගාලුමුවදොර සිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පා ගමනක් පැමිණෙන බවට ආරංචි පැතිර යාම හේතුවෙන්.