අගමැති මහින්ඩ රාජපක්ෂ ඉල්ලා අස්වීමට යන බවට වූ ප්‍රචාරය අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා ඉල්ලා අස්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පැතිර යමින් තිබෙන්නේ.
නමුත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ රටේ පවතින ගැටළු පිළිබඳව බවත් එය හෙට හෝ අනිද්දා දිනයේ දී සිදුවන බවත් අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබෙනවා.