ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා කෙරේ

එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.  ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ශාඛාවල මෙම සේවාව අද දිනයේ සිදු නොකරන බවයි දැනුම් දී ඇත්තේ. හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් නිසා මෙම සේවාවා අද දිනයේ අත් හි‍ටුවා තිබෙනවා.

එසේම එම දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවා දහවල් 12.30 දක්වා පමණක් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. නමුත් ගුවන් තො‍ටුපොළ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu