ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව දක්නට ලැබෙනවා. බොහෝ පිරවුම්හල්වල දිගු පෝලිම්ද දක්නට ලැබෙනවා.