රථවාහන සඳහා ලබා දෙන ඉන්ධනවල ප්‍රමිතියේ අඩු බවක් දක්නට ඇති බව මේ දිනවල පාරිභෝගිකයන්ගේ නැගෙන චෝදනාවක්. ඒ හේතුව නිසා ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම් සැකයක් ඇත්නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
011-5 234 234 හෝ 011-5 455 130 යන දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත්තේ.