පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ද්විඅයිනේ බොහෝ ප්‍රදේශවලට තද වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබෙන්නේ.
එසේම අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.