සාමකාමී විරෝධතාවල නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං පවසනවා. රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් අතිශයින් කණස්සල්ලට පත්වන බව ඇය ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටිනවා.
එසේම සාමාකාමීව කටයුතු කරන ලෙස ඇය සියළු පාර්ශව වලින් ඉල්ලා ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව පූර්න විමර්ශනයක් පැවැත්විය යුතු බව ඇය එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.