චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදය අතරතුර ඇති වූ උණුසුම් හුවමාරුවක් හේතුවෙන්. එම විවාදය අවසන් වන තුරු ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඔවුන් ඉවත් කර තිබෙනවා.
මේ අතර මාස 3ක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කර තිබෙනවා.