
විරෝධතාවය මැඬ පැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දැරූව ද එය මැඩලීමට අපෝහසුවීම සහ මහජන ජීවිත බේරා ගැනීමටත් දේපල ආරක්ෂා කර ගැනීමටත් තමන් දණහිසෙන් පහළට වෙඩි තැබීමට අණ දුන් බව ඔහු පවසා තිබෙනවා.
නමුත් පොලිස්පති සී ඩි වික්‍රමරත්න ඊයේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ මහජන විරෝධතාවලට වෙඩි තැබීමට තමන් උපදෙස් දී නැති බවයි.