
මෙසේ පැයකින් පාසැල් කාලය දීර්ඝ කිරීම හේතුවෙන් දින 20ක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමටයි අපේක්ෂා කරන්නේ. එසේ වේලාවන් දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීමට කාලය මදි වුවහොත් තෙවැනි වාරයේ දී සෙනසුරාදා දිනයන්හිද පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
මෙවර ශිෂයත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වන දින සිට ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එසේම සාමාන්‍ය පෙළ විභාගය 2023 ජනවාරි මස පැවැත්වීමට නියමිත අතර පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි 23 ආරම්භ වීමට නියමිතයි.