ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 24 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටිනවා.
එසේම තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ද කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.