රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඊයේ (19) දිනයේදී පැනවූ පොලිස් ඇඳිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.
ප්‍රදේශයේ පැවති විරෝධතාවය හේතුවෙන් ඇතිවූ ගැටුම්වලදී තුවාල පුද්ගලයින් 27 දෙනෙක් තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ගනු ලබනවා. ඉන් 13 දෙනෙකු විරෝධතාවයට එක්වූ අය වන අතර 14 දෙනෙකු පොලිස් නිලධාරීන් වනවා.
එසේම මෙම පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් ගන්නා මගීන්ට වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.