යුක්‍රේන අර්බුදයට මැදිහත්වන ඕනෑම පාර්ශවයකට විදුලි වේගයෙන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා වන සියළුම මෙවලම් තම රට සතුවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ජාත්‍යන්තර විචාරකයින් පවසා ඇත්තේ පුටින් ජනාධිපතිවරයා මේ සඳහන් කර ඇත්තේ ඔවුන් සතු බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවි පිළිබඳව බවයි.