"අගමැති ඉවත් කලහොත් නාමල් විපක්ෂ නායක කරනවා, පාරට බැස විරෝධය කරනවා"

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකවරයා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇති බව වාර්තා වනවා. ඊඅ අගමැතිවරයා ඉවත් කළහොත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100කට වැඩි පිරිසක් විපක්ෂයට ගොස් විපක්ෂ නායක ධූරයට නාමල් රාජපක්ෂ පත් කරන බව ඔවුන් පවසා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත පිරිසක් විසින් ද අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව සිය විරෝධය පළ කර තිබෙනවා. අගමැතිවරයා එසේ ඉවත් කළ හොත් ජනාධිපතිවරයාට ද එම ඉරණම අත් වන බවයි ඔවුන් පවසා ඇත්තේ. ඡන්ද පදනමක් නැති පුද්ගලයින් සමඟ අන්තර්වාර ආණ්ඩුවක් පිහි‍ටුවීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බවයි අරලියගහ මන්දිරයේ දී පැවති අග්‍රාමාත්‍යවරයා සමග වූ සාකච්ඡාවකදී ඔවුන් අවධාරණය කර ඇත්තේ. 

එසේම ඔවුන් පවසා ඇත්තේ අගමැතිවරයා ධූරයෙන් ඉවත් වුවහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බවයි. මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu