අද (08) පස්වරුව වන විට ගාලුමුවදොර, කොටුව හා පිටකොටුව ප්රදේශ ආශ්රිතව විශාල රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් රථවාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය නිවේදනය කර සිටිනවා.
උත්සව සමයේ දී ජනතාව විශාල වශයෙන් කොළඹ නගරයට රැස්වීම මෙයට හේතුව ලෙස පොලීසිය පවසා තිබෙනවා.