කොළඹ නගරයේ ප්රධාන ස්ථාන කිහිපයක ස්ථිර මාර්ග බාධක සවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ප්රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි යකඩ බඩ යොදා අද පෙරවරුව වන විට මෙම ස්ථිර මාර්ග බාධක සවි කර තිබුණා.
එම ප්රදේශයන්හි සංවිධානය කර ඇති විරෝධතා පෙළපාලිවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙලෙස මාර්ග බාධක යොදා ඇති බවයි පැවසෙන්නේ. කොළඹ කොටුව සහ ජනාධිපති මන්දිරය ආසන්නේ මෙලෙස මාර්ග බාධක යොදා තිබෙන බව සඳහන්.