ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගැන කතා කරන්න සාකච්ඡාවක්

සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබෙන විශ්වාසභංග යෝජනාවට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වන බවයි සමඟි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu